බිත්තරයක මිල රු. 50 දක්වා ඉහළට….!

February 10, 2022 at 11:10 am | by emanisa.lk

සත්ව ආහාර වල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර්. අලහකෝන් සඳහන් කරයි.

හුණු සහල් සෝයා සහ බඩ ඉරිගු මිල ගණන් ඉහළ ගොස් ඇති අතර රුපියල් 3000ක මිලට පැවති සත්ව ආහාර මිටියක මිල මේ වන විට රුපියල් 6000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට ලක්ෂ අසූවක් වන දෛනික බිත්තර පරිභෝජනයෙන් ලක්ෂ හැටපහකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ වයඹ පළාතින් වන අතර එම පළාතේ ගොවීන් ලක්ෂ හතරක් පමණ මෙම කර්මාන්තයේ නියැළී සිටියි.

එහෙත් මේ වන විටත් බිත්තරයක නිෂ්පාදන පිරිවැය හා සැසදීමේ දී දැනට වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන්වලට බිත්තර අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බැවින් කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකිව නිෂ්පාදකයින් සියයට විස්සක් පමණ මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

එබැවින් මේ සම්බන්ධව බලධාරීන් මැදිහත්වීමක් නොකළහොත් බිත්තර නිෂ්පාදනයේ නිරතවූවන් කිහිප දෙනෙකු අත පමණක් මෙම කර්මාන්තය රඳා පැවතීම හේතුවෙන් ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 50ක් වැනි අධික මිලක් දක්වා ඉහළ යාම නැවතිය නොහැකි බව නිෂ්පාදකයන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *