බිංදුවට වැටුණු රනිල් ජනාධිපති වුණා නම් අපට බැරි නෑ…! ඊළඟ ඡන්දෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිරයි….! – මෛත්‍රී….

September 2, 2022 at 8:35 pm | by emanisa.lk

රටේ පවතින තත්ත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන, කලකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි කී හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂයට නැවත ජයග්‍රහණය කරා යාමේ හැකියාව තිබෙන බව ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (2) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *