බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන ආචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපති ධූරයට….!

June 26, 2021 at 7:21 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහුගේ ඉල්ලා අස්වීම සමග පුරප්පාඩු වන අසුනෙහි බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇති අතර අනතුරුව මුදල් හා ආර්ථික සංවර්ධන ඇමැති ධූරයෙහි දිවුරුම් දෙනු ඇත.

ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකුවේ අධිපතිවරයා ලෙසට පත් කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

ආචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ඔහු පාර්ලිමේන්තු ධූරයක් සඳහා පත් වූයේ කොළඹ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *