බැසිල් රාජපක්ෂට මේ රටේ නායකයා වීමට බැරිකමක් නොමැති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
ඒ සඳහා ඔහුට සිය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට සිදුවනු ඇති බව ද වසන්ත බණ්ඩාර අවධාරණය කරයි.
ඔහු සමග දේශපාලන ප්‍රතිපත්තිමය ගැටලු මිස පෞද්ගලික ගැටුමක් තමන්ට නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
තමන් බැසිල් රාජපක්ෂ ප්‍රතික්ෂේප නොකරන බවත් ඔහු වෙනස් වන්නේ නම් ඔහුට මේ රටේ නායකයා වීමේ විභවය ඇති බවත් වසන්ත බණ්ඩාර සඳහන් කරයි.
2015 යහපාලන ආණ්ඩුව ගෙන ආ ආකාරයේ යෝජනාවක් ජිනීවා වෙත ගෙන ඒමට විදේශ අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් උත්සාහ කළ බව ද ඔහු අනාවරණය කළේ ය.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ප්‍රතිභා මහානාම හේවා ඇතුළු පිරිසක් ද ඒ වෙනුවෙන් පෙනී සිටි බව ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.