මංගල එක්ක බහුතර සිංහල ජනතාව දිනාගන්න බෑ! සමගි බලේට මංගල ගන්න යෝජනාවට ලත් තැනම ලොප්!

August 30, 2020 at 9:34 am | by emanisa.lk

පසුගිය මහා මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලැබූ සමගි ජන බලවේගය සිය ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ප්‍රබලයින් පිරිසක් තෝරා ගෙන පක්ෂයට සම්බන්ධ කර ගැනීමට සූදානම් වෙයි.

මේ වන විට නම් කිහිපයක් යෝජනා වුවද ඒ කිසිවෙකු බැසිල් රාජපක්ෂට තර්ජනයක් විය හැකි මට්ටමේ අය නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට එහි පිරිසක් කළ යෝජනාවට සජිත් ප්‍රේමදාස මෙන්ම පක්ෂයේ ප්‍රබලයන් ද විරෝධය පළ කර තිබේ.

මේ රටේ බහුතර ඡන්ද දිනාගැනීම සඳහා මංගල සමරවීර බාධාවක් බවත් එවැන්නෙකු සමග අනාගත දේශපාලන ගමනක් යා නොහැකි බවත් එම පිරිස පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස