බැසිල් පන්නා නූතන ලංකා නිදහස් අරගලය ජය ගත්තා…! – ගම්මන්පිල

October 24, 2022 at 3:21 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂගේ ගෝලයින්ගේ ද අත් ඔසවා 21 වන සංශෝධනය සම්මත කරගෙන බැසිල් නැවත ඇමරිකාවට පළවා හැරීම ඓතිහාසික සිද්ධියක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඇමරිකාව දුරස්ථ පාලක මගින් ශ්‍රී ලංකාව පාලනය කරන යුගය ඒ සමග අවසන් වූ බවයි, ගම්මන්පිල ප්‍රකාශ කළේ.

එලෙස ජයග්‍රහණයෙන් කෙළවර කළේ නූතන ලංකාවේ නිදහස් අරගලය බව ද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

කපුටාට බැණ බැණ සිටි යුගය නිමා කරමින් අර්බුදයට උත්තර සෙවීම සඳහා ජාතියට ම නැවත ඒකරාශී වන ලෙස උදය ගම්මන්පිල ආරාධනා කළේය.

උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඊයේ (23) ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *