බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යන විට මහත් සතුටට පත් වන අය ඔහු නැවත ලංකාවට පැමිණෙන විට පුදුම විදිහට බියට පත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
වැඩ කළ හැකි අයෙකු වැඩ දන්නනා අයකු පැමිණෙන විට මඩ ගසන බවත් එය ස්වභාවය බවත් හෙතෙම සඳහන් කරයි.
සද්ද නැතිව පැත්තකට වී සිටින්නේ නම් නියම මනුස්සයා යැයි කියන බවත් ගෝඨාභය රාජපක්ෂ ගැන කිසිවෙකු කතා නොකරන බවත් ජානක වක්කුඹුර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.