බැසිල් අසනීපෙන්… පැය ගණන් ට්‍රැවල් කරන්න බෑ.. ගුවන් සමාගම් පවා අවදානම ගන්නෑ…!

June 2, 2026 at 1:40 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට ගුවන් ගමන්වල යෙදීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳාහන් කළේය.

එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් සමාගම් පවා ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බවයි.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අධිකරණයට නොපැමිණි විට වරෙන්තු නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.

පැය ගණනාවක් පුරා දිවෙන ගුවන් ගමන්වල යෙදීමට බැසිල් රාජපක්ෂ මහතාට දැනට සෞඛ්‍යමය හැකියාවක් නොමැති බව වෛද්‍ය වාර්තා මඟින් පැහැදිලි කර ඇති බවත්, සුවය ලැබූ සැනින් ඔහු යළි පැමිණීමට සූදානම් බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *