අනුර කුමාරට සෙනග යවන්නේ බැසිල්..! – දිලිත්…

April 19, 2024 at 10:33 am | by emanisa.lk

ලංකාවේ ජනතාව විශාල පිරිසක් විකල්පයක් ලෙස ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු වී ඇතැයි ව්‍යවසායක, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

එයට හේතුව අදාළ පිරිස මාක්ස්වාදය හැදෑරීම, ජවිපෙ පන්ති පහට සහභාගී වීම හෝ අනුර දිසානායකගේ දැක්ම නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ තාරුණ්‍යයේ අපේක්ෂා පහතට ඇද දැමීම නිසා ඇති වූ කලකිරීම බව ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.

මේ නිසා තමන්ට සිදුවන පාඩුව පවා නොසලකා පාලකයින්ට පාඩමක් ඉගැන්වීමේ නරකම තත්ත්වයට ජනතාව ඇද වැටී ඇති බවත් ඒ සඳහා වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂලා බවත් දිලිත් ජයවීර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *