බ්‍රිතාන්‍යයේ 120 000ක් මැරෙද්දි ලංකාවේ මළේ 400යි..! අපට වඩා ලක් රජය ජීවිත දහස් ගණනක් ආරක්ෂා කළා..! – නෙස්බි සාමි..

March 5, 2021 at 6:59 pm | by emanisa.lk

වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා ශ්‍රී ලංකාව සිය ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රශංසනීය ලෙස කටයුතු කර ඇතැයි බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා සඳහන් කරයි.

එය බ්‍රිතාන්‍ය සිය පුරවැසියන් රැකීමට ගත් උත්සාහට වඩා දහස් ගුණයකින් ඉදිරියෙන් සිටින බව ද ඔහු අවධාරණය කරයි.

“මිලියන 66ක් වෙසෙන බ්‍රිතාන්‍යයේ මේ වන විට පුද්ගලයන් 120,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙන නමුත් මිලියන 22ක ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ මියගොස් තිබෙන්නේ පුද්ගලයන් 400 දෙනකු පමණයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් විශාල උත්සාහයක් ගෙන තිබේ.”

කොටි ළමා සොල්දාදුවන් දහස් ගණනක් පුහුණු කර ගෙල වටා සයනයිට් කරල් පැළඳ වූ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඇඩෙලා බාලසංහම්ට යුධ අපරාධ චෝදනා ⁣එල්ල නොකරන බ්‍රිතාන්‍ය මේ වන විට ලංකාවට එල්ල කරන යුද අපරාධවලට පක්ෂව කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *