බස් ගිනි තැබූ සමාජවාදී විප්ලවවාදීන්ගේ තර්ජන නිසා බස් බෙදීම නතර කළා..! – සජිත්…

January 23, 2023 at 9:31 am | by emanisa.lk

බස් රථ ගිනි තැබූ සමාජවාදී විප්ලවකාරයන් තමන් බස් රථ බෙදන බවට පැමිණිලි කර ඇති නිසා පාසල් සඳහා බස් රථ ප්‍රදානය තාවකාලිකව නවතා දමන්නට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මොරවැව පැවැති ජනහමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

රුපියල් මිලියන 344ක් වටිනා බස් රථ 70ක් රජයේ පාසල්වලට තමන් මේ වන විට පරිත්‍යාග කර තිබෙන බව කී විපක්ෂ නායකවරයා, සමාජවාදී විප්ලවකාරීන්ට මේ වැඩපිළිවෙළ බලා සිටීමට නොහැකි වී ඇතැයි ද කීවේය.

තම පියා විපක්ෂයේ සිටි කාලයේ සිදු කළාට වඩා වැඩි වැඩ කොටසක් තමන් සිදු කරන බව කී සජිත් ප්‍රේමදාස, මේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ බස් ගිනි තියපු පිරිස බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *