ජවිපෙ බෑ කිව්වට ඩ්‍රයිවර් කෙනෙකුට වුණත් රටේ නායකයා වෙන්න පුළුවන්…! – සජිත්…

December 30, 2022 at 9:06 am | by emanisa.lk

වාමමාදී සමාජවාදී යැයි කියා ගන්නා පක්ෂයක පුද්ගලයෙකු CTB බස් රියදුරෙකුට රටේ පාලනය භාර දිය හැකි දැයි ප්‍රශ්න කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පාසල්වලට බස් රථ පරිත්‍යාග කිරීම විවේචනය කරමින් ජවිපෙ නලින්ද ජයතිස්ස විසින් සජිත්ගේ ඩ්‍රයිවින් හොඳ නිසා රටේ පාලනය දෙන්නේ නම් CTB බස් රියදුරන් ද රටේ පාලනයට සුදුසු බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කලක් ඉන්දියාවේ දුම්රියපළක තේ විකිණු අයකු බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

හැකියාව කැපවීම සහ මානව හිතවාදය ඇත්නම් බස් රියදුරෙකුට වුව ද මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට කිසිදු බාධාවක් නැතැයි විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *