බලශක්ති අමාත්‍ය ධූරයට කාංචන…! දිවුරුම් දෙන්නත් කලින් වැඩ අරඹයි..!

April 16, 2022 at 11:32 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (15) රාත්‍රියේ ඛනිජ තෙල් සංස්ථාවට ගොස් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳව සොයා බලා තිබේ.

ඒ අනුව බොහෝ දුරට බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන වි‌ජේසේකර පත්වනු ඇති බව දැන ගන්නට ඇත.

නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිතව ඇත්තේ සඳුදා ය.

ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි කටයුතු කළ කාංචන විජේසේකර සිය වගකීම මැනවින් ඉටු කළ තරුණ ඇමැතිවරයෙකු ලෙස ප්‍රකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *