ආනයනිත හාල් මැස්සන්ට අලුතින් බදු ගැහුවේ නෑ….! මාස 06කට පෙර පැන වූ බද්ද අලුත් කළා විතරයි…! – ධීවර රාජ්‍ය ඇමැති…

August 14, 2021 at 1:36 pm | by emanisa.lk

ආනයනිත කරවල, හාල් මැස්සන් ඇතුළු ද්‍රව්‍ය මත අලුතින් බදු පැනවීමක් සිදු නොකළ බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

දේශීය ධීවර කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා මාස 06කට පෙර පැන වූ බද්දක් ධීවර අමාත්‍යංශය මගින් සිදුකළ ඉල්ලීමක් අනුව තවත් මාස 06කට දීර්ඝ කිරීමක් පමණක් සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.

ඒ පිළිබඳ කාංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

ආනයනික හාල්මැස්සන් හෝ ආනයනික කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නොමැත

ඊයේ දිනයේ සිට හාල්මැස්සන් හෝ කරවල මත නව බදු ගැසට් පත්‍රයකින් වැඩි කර නොමැත. මෙම බදු මීට මාස 6කට පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණයම තව දුරටත් අඛණ්ඩව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට රටේ නීතිය අනුව ගැසට් පත්‍රයකින් දීර්ඝ කිරීමක් පමණි.

මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත බද්ද රපියල් 25 සිට 200ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් රුපියල් 100ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එක රුපියල් 100ක් (450g ටින් එකක් 42.50ක්) ලෙසත් සහ ආනයනික උම්බලකඩ රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමටත්, එම වැඩි කල බදු ප්‍රමාණයන් අඛණ්ඩව ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් තීරණය කරන ලද්දේ දේශීය ධීවර කර්මාන්තකරුවන් සහ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගිනිමින් කටයුතු කිරීමට ධීවර අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුවය.

කංචන විජේසේකර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *