බදු ගැහුවට බඩු මිල ඉහළ යන්නේ නෑ..! – රාජ්‍ය මුදල් ඇමැති…

January 29, 2024 at 1:50 pm | by emanisa.lk

ඉදිරියේ දී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිළ ඉහළ නොයන අතර ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවයි.

මේ අතර 2025 වසරේදී නව දේපොළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේය.

වැඩි දුරටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දේපොළ බද්ද සෘජු බද්දක් වන බවත් එම බද්ද ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු බලන නිශ්චිත මුදලක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *