බදියුදීන් බිරිඳගේ ඇප අයැඳුම අධිකරණය ප්‍රතික්ෂේප කරයි….!

August 9, 2021 at 4:15 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත්කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉෂාලිනී නැමැති තරුණියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණිනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ බදියුදීන්ගේ බිරිඳ, ඇගේ පියා, ඇගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *