බදියුදීන් අත්අඩංගුවට ගත්තේ රට වෙනුවෙන් ඇරෙන කට වහන්නයි…! ආණ්ඩුවට එරෙහිව ජන පවුරක් සේ නැඟෙන්න…! – පාඨලී…

April 26, 2021 at 10:02 am | by emanisa.lk

මෙයට පෙර ද රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත්ත ද පරීක්ෂණ සිදුකර කිසිදු චෝදනාවක් නොමැති බව ආණ්ඩුව ප්‍රකාශ කළ බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

මෙය පැහැදිලිවම හරීන් ප්‍රනාන්දු ඇතුළු විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කිරීම සඳහා දියත්කර ඇති වැඩපිළිවෙළක් බව තහවුරු වන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කරයි.

ආණ්ඩුව සිය අසාර්ථකභාවය පිළිගෙන විපක්ෂයේ කට වැසීම සඳහා මෙම කටයුතු කරන බවත් රට වෙනුවෙන් අයුක්තියට එරෙහිව කටයුතු කරන පිරිස රැකගැනීමට, ආණ්ඩුවට එරෙහිව පක්ෂ පාට භේද නොමැතිව ජන පවුරක් සේ ජනතාව ඒකරාශී විය යුතු බවත් පාඨලී රණවක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *