බදියුදීන්ගේ නැන්දම්මාත් කට වරද්දා ගනී….! නිවසේ රියදුරා බොරුව හෙළි කරයි…! භූමිතෙල් බෝතලය සහ ලයිටරය රහස් වමාරයි…!

July 28, 2021 at 10:19 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර තරුණිය ගිනි තබා ගෙන ඇත්තේ භූමිතෙල් වත්කර ගැනීමෙන්ද කිසිවෙකු ඇයට භූමිතෙල් පත්කිරීමෙන්දැයි සැකයක් පරීක්ෂණ කණ්ඩායම්වලට ඇතිවී තිබේ.

ඒ අනුව එම නිවසට භූමිතෙල් ගෙනා පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ කරමින් සිටි. බදියුදීන්ගේ නැන්දනිය විසින් විමර්ශනවල දී පවසා ඇත්තේ නිවසේ සේවය කරන රියදුරු ලවා භූමිතෙල් ගෙන්වා ගත් බවයි.

එහෙත් රියදුරාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ තමන් කිසි විටකත් ඇමතිවරයාගේ නිවසට භූමිතෙල් ගෙනැවිත් නැති බවය.

නිවසේ සේවය කළ තවත් සේවිකාවක් සඳහන් කර ඇත්තේ ඇමතිවරයාගේ නිවසේ කිසිදු දිනක භූමිතෙල් හෝ ලයිටරයක් පාවිච්චියට නොගත් බවය.

එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් ලයිටරයේ හිමිකරු කවුද යන්න සහ එය මෙහෙකාරියගේ කොට්ටය යටට පැමිණියේ යන කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් දැඩිව අවධානය යොමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *