බටහිර පන්නෙට කලිසම හැඳ පාසලට ආ ගුරුවරිය හූ තබා පන්නති…!

November 29, 2022 at 9:43 am | by emanisa.lk

මිනුවන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක කලිසමක් සහ කමිසයක් ඇඳ පාසැල් පැමිණීමට දෙමාපියන් විරෝධය පළකර තිබේ.

මෙම ගුරුවරිය අදාළ ඇඳුමින් පාසලේ තබා ගන්නේ නම් තම දරුවන් ගෙදර රැගෙන යන බව දෙමාපියන් පවසා තිබේ. අනතුරුව එම ගුරුවරිය පාසලින් පිටව ගොස් ඇති අතර එහි දී දෙමාපියන් හූ කියා විරෝධය පළකර තිබේ.

අනතුරුව එම ගුරුවරිය, විදුහල්පතිවරයාගේ මෙහෙයවීම මත දෙමාපියන් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *