ගුරුවරියන් සාය හැට්ට ඇඳන් photo ගත්තේ ඉස්කෝලේ නෙමෙයි…! – අධ්‍යාපන ඇමැති..

November 22, 2022 at 3:18 pm | by emanisa.lk

පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කරමින් ගුරුවරුන් කිහිපදෙනෙක් සාරියෙන් තොරව විවිධ ඇඳුම් වලින් පාසල් පැමිණි අයුරු දුටු බවත් මෙහෙම කරන අයට ගන්නා පියවර කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.

කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර තිබූ බව කී සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය සේවකයන් යැයි කී විට ගුරුවරුන් ද ඊට අයත් වන බව සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛය ඉදිරිපත් කළ පසුව ඇති වන තත්වය ගැන බලමු යැයි කී අධ්‍යාපන අමාත්‍යවරයා, පහසු ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියා යැයි කියන ගුරුවරුන්ගේ රූප රාමු දුටු විට ඒවා පාසල්වල දී ගත් රූප රාමු නොවේ යැයි හැඟී ගිය බවද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *