“ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්” යන ලේබලය ඉවත් කිරීමට අවශ්‍ය තීරණාත්මක පියවර ගෙන ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඊයේ (14) පෙරවරුවේ සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
“මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා.
ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්.
මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ.
මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා.”