පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනට ජය..! සයිටම් වෛද්‍ය උපාධිය නිත්‍යානුකූලයි..! අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..!

December 1, 2022 at 9:31 pm | by emanisa.lk

සයිටම් ආයතනය නීත්‍යානුකූල ආයතයක් බවට සහ උපාධිය නීත්‍යානුකූල බවට නඩු තීන්දුවක් ලැබී ඇති හෙයින් එම විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරිමට හැකියාවක් ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මහින්ද රජපක්ෂ රජය සමයේ උසස් අධ්‍යාපන ඇමති ලෙස සයිටම් විශ්වවිද්‍යාල ආරම්භ කළේ මමයි. වෛද්‍යවරුන්ගේ විරෝධය, වෛද්‍ය සංගමයේ විරෝධය, සිසුන්ගේ විරෝධය මේ සියල්ල මැඩ පවත්වගෙන අපි සයිටම් එකේ කටයුතු අරගෙන ගියා.

ඒ අරගෙන ගියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ. මෙහි පළවෙනි බැච් එක එළියට එනකොට යහපාලන රජය සමයේ දී කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්‍ය සභාව මේ දරුවන්න ප්‍රතික්ෂේප කළා.

ඒ වෙලාවේ මේ පනතේ නීතියක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාට පුළුවන් නියෝගයක් දෙන්න වෛද්‍ය සභාවට මේ අය ලියාපදිංචි කරන්න කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මැතිතුමා ඒ වෙලාවේ ඒක කළේ නෑ.

ඒ නිසා ළමයි උසාවි ගියා. අවුරුදු දෙකක් කල් ගියා. ඒ අවුරුදු දෙක ඇතුලේ සයිටම් එක විශාල අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක කඩා වැටුණා. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුන්නේ සයිටම් එක නීත්‍යානුකූලයි. උපාධිය නීත්‍යානුකූලයි කියලා.

දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඕන කෙනෙකුට අද පුළුවන් සයිටම් එක පටන් ගන්න. තමුන්නාන්සේලා සූදානම් අපි සයිටම් එක පටන් ගමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *