පෞද්ගලික වෛද්‍යවිද්‍යාල බිහි කරන්න ජවිපෙ සූදානම්…! – නලින්ද ජයතිස්ස…

December 6, 2022 at 2:54 pm | by emanisa.lk

රටේ ප්‍රාථමික සහ ද්විතීයීක අධ්‍යාපනය රජය ලබා දිය යුතු වුව ද තෘතීයික අධ්‍යාපනය රජයට පමණක් තනිව ලබා දිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එම පක්ෂ දේශපාලන බල මණ්ඩල සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙයින් රාජ්‍ය නියාමනය සහිතව තෘතීයික අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ බව වෛද්‍ය ජයතිස්ස සඳහන් කරයි.

යම් ආයෝජකයෙක් සාධාරණ ලාභයක් සහිතව සමාජ වගකීමක් සහිතව සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනයට එකඟ නම් තමන් එය භාර ගැනීමට සූදානම් බව ද හෙතෙම කීය.

රටේ වෛද්‍යවිද්‍යාල 15ක් ගොඩනැඟිය හැකි නම් වසරකට වෛද්‍ය උපාධිධාරීන් 2500-2600ක් පමණ බිහි කළ බවත් උසස් පෙළ විභාගයෙන් බී සමාර්ථ තුන හෝ ඉන් ඉහළ සමාර්ථ ලබා ගන්නේ එවැනි ශිෂ්‍ය පිරිසක් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *