අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ගෙන ඒමෙි රෙගුලාසි සකසා සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්රඥප්තියක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී බොරු කට කතා හදා ෆේස්බුක් සහ වෙබ් අඩවිවල මුදල් ගෙවා ප්රවෘත්ති දමා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට ව්‍යාජ පුවත් මවන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය එක් වන්නේ ජනතාව සමග මිස අන්ත පරාජිත ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නැති බවත් ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාට නම් එකට එකතු වීමට ආසාවක් ඇති බවත් ඒ අයට එකතු විය හැකි වුවත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට විනාශ කළ කල්ලි සමග එකට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගාල්ලේ පැවති ප්රචාරක රැලියක් අමතමිනි.