පෝර කෑන් පොළොවේ ගැසූ අයට වැඩ වරදී..! කාබනික පොහොර නොයෙදු අයට වන්දි නෑ..! – කෘෂිකර්ම ඇමැති..

January 3, 2022 at 3:39 pm | by emanisa.lk

වගා හානි වන්දි ලබා දෙන්නේ රජයෙන් දුන් කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්නේ යම් අඩුවක් වී තිබෙන බව පරික්ෂණවලදී ඔප්පු වුවහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගමකින් මෙරටට රැගෙන ආ කාබනික පොහොර නැවට වන්දි ගෙවන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය බව ද වන්දි ගෙවීමට රජය වරදක් සිදු කර නැති බව ද අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජාතික පොහොර ලේකම් කාර්යාලය නව පරිශ්‍රයක ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *