විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන හෙට (9) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා තීන්දු කර ඇති බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.
එම තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.
ඒ අනුව විහාරස්ථානවල පහන් නිවා තැබෙන හෙට සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම දේවස්ථාන ද අඳුරේ තබන බව පියතුමා කීය.
සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල පීඩාවට පත්වෙලා.සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් පීඩාවට පත්ව ඇති නිසා මෙම සංකේතාත්මක විරෝධතාව පවත්වන බව පියතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.