පොහොර තහනමින් ඇමරිකානු ඩෝල් සමාගම අර්බුදයක….! ලංකාව අතහැර යන්න සූදානම්…?

July 3, 2021 at 2:29 pm | by emanisa.lk

ඩෝල් ලංකා නමින් ක්‍රියාත්මක විදෙස් වෙළෙඳපොළ වෙත එළවලු සහ පළතුරු සපයන බහුජාතික සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ඩෝල් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ද ඩෝල් ලංකා නමින් ක්‍රියාත්මක වෙයි.

විශේෂයෙන් වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීම එම සමාගමේ ප්‍රධානම ව්‍යාපෘතිය විය. මොණරාගල, ලූණුගම්වෙහෙර, බුත්තල, වැල්ලවාය යන ප්‍රදේශවල රජයේ ඉඩම් අක්කර 50,000කට අධික භූමි ප්‍රමාණයක ඩෝල් සමාගම සිය නිෂ්පාදනයන් සිදුකරමින් පවතියි.

මේ වන විටමෙරට ක්‍රියාත්මක රසායනික පොහොර තහනම හමුවේ ඩොල් නිෂ්පාදන වෙත එය දැඩි බලපෑමක් කර තිබෙන හෙයින් ශ්‍රී ලංකාව තුළ තව දුරටත් රැඳී සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මව් සමාගමට සිදුව ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *