පොහොට්ටු මන්ත්‍රී හාමුදුරු දෙනමකට ගස් බැඳලා පහර දෙයි..! පොලිසිය නිහඬයි…!

December 20, 2020 at 4:11 pm | by emanisa.lk

එජාප හිටපු ඇමැති මංගල සමරවීර වොයිස්කට් නිකායේ හාමුදුරුවන් යැයි කී නිසා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඔහුට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා තබමින් විරෝධය පළකළ බව සමගි ජන බලවේගයේ රජිත කොඩිතුවක්කු පවසයි.

එහෙත් අද වන විට වැලිමඩ ජයසුන්දරාරාමයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ගස් බැඳ පහර දීමට පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යූ.එල්. ජිනදාස පහර දී ඇති බව ඔහු අනාවරණය කරයි.

එහෙත් මෙලෙස සාමනේරයන් වහන්සේ දෙනමක් ගස් බැඳ පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්ක නොකරන බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස