පොහොට්ටු මන්ත්‍රීට පහර දී බේරේ වැවට විසි කරලා..! අරගලකාරියක් අත්අඩංගුවට…

August 23, 2022 at 12:05 pm | by emanisa.lk

මැයි මස 09වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහර දී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකාරිය අවුරුදු 26ක් වයසැති කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. එදින සිද්ධියට අදාළව මේ වන විට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *