පොහොට්ටුව පරවෙයි… මැති ඇමැති 48ක් රනිල්ට…!

July 25, 2024 at 2:15 pm | by emanisa.lk

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සඳහා අවසන් එකඟතාවකට එළඹ තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම,ජන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම මෙන්ම පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු නම් කළහොත් ඇති වන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කොට තිබේ.

සෙසු දේශපාලන කණ්ඩායම්වල සහාය ලබා ගැනීම ගැන මෙන් ම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යෑම පිළිබඳව ද එහි දී සාකච්ඡා කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *