ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මැතිවරණයට සූදානම් අතර ලොකු ලොකු රැස්වීම් නොකළත් පොඩියට රැස්වීම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.
ඒ, අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
සිය පක්ෂයට කිසිදු කලබලයක් නැති බවත් එය ඉතිහාසයේ මැතිවරණ කර විශිෂ්ට ජයග්‍රහණ ලැබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට සම්බන්ධයක් නැති බවත් ඊට අනුග්‍රහයක් නැති බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.