පුංචි ඡන්දෙට පාඨලී-වෙල්ගම සන්ධානයක්…!

January 16, 2023 at 12:39 pm | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකය සහ නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවකට පැමිණ තිබේ.

අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

“අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ. නමුත් ගිය වසරේ රට බංකොළොත්භාවයට ලක් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේ දී නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් ඒ සඳහා කාලය අපිට හරස් වුණා.

කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වෘත්තීය මට්ටමේ පිරිස් එක්ක යන්න. ඒ අතරේ සමාන අදහස් දරන මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *