පොහොට්ටු මන්ත්‍රීගේ සමීපතම ආශ්‍රිතයෝ සමගි බලේ හේෂා සහ චමින්ද…!

January 25, 2021 at 8:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇති බව අද (25) අනාවරණය විය.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින්ට සුදුසු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

මේ පුවත සැලවීමත් සමඟ ම සමගි ජන බලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී වෙමින් සිටි එම පක්ෂයේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි අදාළ හමුවෙන් නික්ම ගියේ PCR පරීක්ෂණ සඳහා යා යුතු බව පවසමිනි.

මේ වන විට මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *