පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ටයි..! තීන්දුවේ කිසිදු වෙනසක් නෑ…! – සාගර..

July 17, 2022 at 4:49 pm | by emanisa.lk

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ සහාය ලබාදිය යුතු බවට පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු බව පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ මතය බවයි.

පොහොට්ටුවේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවට තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසමින් පක්ෂ සභාපති ජී.ඇල්. පීරිස් යොමුකළ ලිපියට කඩිනමින් ප්‍රතිචාර දක්වන බව ද ලේකම්වරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *