පොහොට්ටුවේ පුංචි මන්ත්‍රී දහසක් හෙලිකොප්ටරේට මාලිමාවට සහ සජබට පැනලා…!

February 12, 2023 at 10:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල සභිකයන් ලෙස පත්ව සිටින දහසකට ආසන්න පිරිසක් එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා විනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ සභිකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඔවුන් වෙනත් දේශපාලන පක්ෂ හා සන්ධාන යටතේ තරග වැදීමට නාම යෝජනා භාර දී තිබීම මෙයට හේතු වී තිබේ.

මේ අතරින් 400කට අධික පිරිසක් නිදහස ජනතා සභාවට එකතු වී ඇති අතර ඉතිරි පිරිස ජාතික ජන බලවේගයට සහ සමගි ජන බලවේගයට එකතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *