ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගමනට අදිසි හස්තයක් විසින් බාධා කරමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
ජනාධිපතිවරයා වියත්මඟ හා එලිය සංවිධාන සමඟ ගමනක් යාමට උත්සාහ කළ නමුත් නොපෙනෙන හස්තයක් එම ගමනට බාධා කර ඇතැයිද ඔහු පැවසීය.
අද වියත්මග හෝ එළිය සංවිධාන දෙකම නැති බවත් පරණ සෙට් එකම එළියට බැස ඇති බවත් ඔහු කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ජනහමුවක් බේරුවල පයාගල දී අමතමිනි.