පොහොට්ටුවට මුක්කු ගහන්න ඕන නම් පොහොට්ටුවට ම යන්න….! නියම ශ්‍රීලංකාකාරයින් සමඟ 2025 ආණ්ඩුවක් හදන්න මම සූදානම්….! – මෛත්‍රී….

April 4, 2021 at 8:04 pm | by emanisa.lk

සියලු ශ්‍රීලනිප පාක්ෂිකයින් වෙනත් පක්ෂවලට මුක්කු ගැසීම පිළිබඳ කතා කිරීම නතර කර කොන්ද කෙළින් තබා ගෙන පක්ෂය දිනවීමට කටයුතු කළ යුතු බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එසේ කළ නොහැකි පිරිස ශ්‍රීලනිපයෙන් ඉවත්ව එම පක්ෂවල සාමාජිකත්වය ගතයුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

නියම ශ්‍රීලංකාකාරයින් සමඟ පක්ෂය නඟා සිටුවීමට තමන් සූදානම් බවත් හිටපු ජනනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

2025 ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් මාතලේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ හෝටලයක පැවැති හමුවක දී ශ්‍රීලනිප සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *