පොහොට්ටුවට උතුරු නැඟෙනහිර දිනන්න පුළුවන්! කළ යුත්තේ සජිත්ට දෙමළ ඉගැන්වීම පමණයි!

July 24, 2020 at 5:39 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස දෙමළ භාෂාව ඉගෙන ගතහොත් පොහොට්ටුවට උතුරු නැඟෙනහිර ජයගත දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගත හැකි බව පොදුජන පෙරමුණු හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩී.වී. චානක පවසයි.

පසුගිය මැතිවරණවලදී සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂට පමණක් නොව තමන්ට ද පරාජය වූ බව ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව සජිත් ප්‍රේමදාස කොට්ඨාශයත්, ආසනයත්, දිස්ත්‍රික්කයත් පරාජයට පත් වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාසට දෙමළ භාෂාව උගනවා ගතහොත් උතුරු නැඟෙනහිර ඡන්ද ද තමන්ට ජයගත හැකි බවත් ඒ ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන්නේ ඔහු පවසන කිසිවක් ඒ ජනතාවට නොතේරෙන නිසා බවත් ඩී.වී. චානක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස