පොලිසියේ විමසිල්ලෙන් මහා විනාශයක් වැළකෙයි! මහනුවර බසයෙන් ක්ලෝමෝ බෝම්බයක් අල්ලයි!

December 2, 2020 at 4:42 pm | by emanisa.lk

රෙදි කාපට් එකක ඔතා ක්ලේමෝ බෝම්බයක් යාපනය-මහනුවර බස් රථයක රැගෙන යමින් සිටි යුවලක් පලෙයිවලදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට පත් යුවලගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ක්ලේමෝ බෝම්බය තිරිකුණාමලයට රැගෙන යාමට ගෙන ආවක් බව අනාවරණය වී තිබේ.

මීට පෙර ද මෙම යුවළ අවස්ථා කිහිපයක දී ම මේ අයුරින් බෝම්බ ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

2014 වසරේ දී ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්වූ ගෝපි නැමැති කොටි නායකයාගේ සහෝදරයකු ස්විට්සර්ලන්තයේ සිට මෙම යුවළ මෙහෙයවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස