පොලිස් හිරමැදිරි වීඩියෝ කරන්න දෙන්න බෑ…! – නි. ඇමති සුනිල් වටගල….

October 30, 2026 at 5:04 pm | by emanisa.lk

පොලිස් සථාන වෙත දුරකතන ගෙන යෑම තහනම් කර නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

කෙසේ වුවද එලෙස රැගෙන එන දුරකතන පොලිස් ස්ථාන තුළ අයථා ලෙස භාවිත කරන බව වාර්තා වී ඇති බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

පොලිසියට පැමිණෙන ඇතැම් අය පොලිසියේ සිරමැදිරි වීඩියෝගත කරන බවත් පොලිසිය තුළ සිදුවන සංවාද පටිගත කරන බවත් ඒවා නීතියට පටහැනි බවත් නි. ඇමති සුනිල් වටගල පෙන්වා දෙයි.

අද (30) ජාතික රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *