හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිදුවීමක්… ඒකට සමස්ත පොලිසියටම චෝදනා කිරීම වැරදියි….! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන….

October 29, 2026 at 2:58 pm | by emanisa.lk

හෝමාගම පොලිස් ස්ථානයේදී තරුණයකු මියයාමේ සිද්ධිය සමස්ත ශ්‍රී ලංකා පොලිසියටම චෝදනා එල්ල කිරීමට හේතුවක් කර නොගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පසවයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ මෙම සිදුවීම හුදකලා සිද්ධියක් බවයි.

”මේක ශ්‍රී ලංකා පොලිසිය නෙවේ, මේක හුදකලා සිද්ධියක්, එක්තරා සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් කරන්න අවධානය යොමු කරලා ඒක ආරම්භ කරලා තියෙනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලත් එක්ක අපිට ඉදිරි කාලයේ බලන්න පුළුවන් මොකක්ද වැරැද්ද වෙලා තියෙන්නේ, ඒ වැරැද්දට දඬුවම් ලැබෙන්නේ කෙසේද? මින් ඉදිරියට එවැනි දේ නොවෙන්න අපි වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව මේක තනිකරම හුදකලා සිද්ධියක්, සම්පූර්ණ ශ්‍රී ලංකා පොලිසිය එල්ල කරලා චෝදනා එල්ල කිරීම වැරදියි.”

මෙහිදී මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ බියක් ඇතිවිය හැකි බවත්, හෝමාගම සිදුවීම රජයට කළු පැල්ලමක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *