හෝමාගම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු මිය ගියේ හදිසි රෝගයකින්…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

October 26, 2026 at 7:06 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි 29 හැවිරිදි දෙදරු පියෙකු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නමැති පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය විසින් සිදුකළ පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

අද (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහුට පහරදී ඇති බවට ද ඔවුහු චෝදනා කරති. පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ වැටලීමක් අතරතුර හෝමාගම පොලිසියට රැගෙන ආ සැකකරු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි.

මරණයට හේතුව සහ සිද්ධියට අදාළ කරුණු සොයා බැලීම සඳහා හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මූලික විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස