පොලිස්පති පන්නා රට අරාජික කරන සැලසුමක්…! ජනපති චීනයේ සිට කුමන්ත්‍රණය පරදවයි..!

October 18, 2023 at 8:39 am | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) පියවර ගත්තේය.

ආරක්ෂක අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පොලීසිය බාර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද රටේ නොමැති අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇති අතර එම තීන්දුව පැයක් යාමටත් පෙර නැවත හැරවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

චීනය බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ හදිසියේම පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන ඔවුන්ගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *