පාරිභෝගික අධිකාරිය සමස්ත රට ම ආවරණය වන පරිදි ලබාගත් පොල්තෙල් සාම්පල 125 අතරින් 55ක ම ඇෆලටොක්සීන් නැමති පිළිකාකාරකය නොමැති බව තහවුරු වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියක් ඇතිකර ගැනීමට හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දශිත නිරෝෂණ සඳහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යවන ලද සාම්පලවල වාර්තා ද ලැබීමට නියමිත ය.