පොන්නි සහල් ටොන් ලක්ෂයක් ආනයනය කරයි….! ගෙන ආ යුත්තේ කාබනික සහල් පමණක් බවට බලපෑම්…!

June 22, 2021 at 7:37 am | by emanisa.lk

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සඳහා රජය පියවර ගෙන තිබේ.

වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිව ඇති අතර
ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමට මෙම සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

මීට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙසේ ආනයනය කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහල්දැයි රජයෙන් ප්‍රශ්න කරයි.

වස විස නැති ආහාර ජනතාවට සැපයීමට වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනමට හේතුව ලෙස පවසන නිසා ආනයනය කළ යුත්තේ ද වස විස නැති කාබනික පොහොරවලින් නිෂ්පාදනය කරන සහල් යයි ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *