පේරාදෙණි ම්ලේච්ඡ නවකවදේ රට කළඹයි…! අනෙකාගේ අතේ ඉඳුල් යන තුරු ලෙවකවයි..!

September 20, 2022 at 10:53 am | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියක බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

එහි දැක්වෙන්නේ ආහාර ගත් සිසු කණ්ඩායමකට තමන්ට යාබද අසුනේ සිටින අනෙකාගේ අත සෝදන්නට ඉඩ නොදී ඉඳුල් යන තුරු ලෙවකන්න බල කරන අවස්ථාවකි.

එහි දී භීතියට පත්ව සිටින නවක සිසු පිරිස දැඩි අප්‍රියතාවයෙන් හඬමින් අදාළ ක්‍රියාව කරනු දැකගත හැකිය.

මෙහි දී ඊට එරෙහි වන පිරිසකට නවක වධය මෙහෙය වන බව කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසින් පරුෂ වචනයෙන් බැණ වදින ආකාරය ද ඇසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *