නවක වධයට එරෙහි වූ සිසුවාට ජ්‍යේෂ්ඨයින් වටකර පහර දීලා..! රාගම වෛද්‍ය පීඨ ගැටුමේ තිත්ත ඇත්ත එළියට…! – විශේෂඥ වෛද්‍ය මව සියල්ල රටට කියයි…

February 3, 2022 at 9:44 am | by emanisa.lk

රාගම වෛද්‍ය පීඨයේ දී සිය දරුවා පහර කෑමට ලක් වුණේ නවක වධයට විරුද්ධ වීම නිසා යැයි මේ වන විට රෝහල්ගතව දංකොටුව රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ.ඩී.සී. සෙනවිරත්න පවසයි.

රාගම වෛද්‍ය පීඨයේ 04 වන වසරේ සිසුන්ගෙන් පහර කෑමට ලක්ව යොහාන් කවිරත්න පරණවිතාන වන තම පුත‍්‍රයා මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ද ඇය කීවාය.

“මගේ දරුවා ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයේ. ඔහු වෛද්‍ය පීඨයට ඇතුල් වූ දා සිට ම නවක වධයට විරුද්ධව කටයුතු කළා. පළමුවෙනි වසරේ දී ඔහු නවක වධයට ලක් වූවත් එම කාලයේ පටන්ම නවක වධයට විරුද්ධයි.

පෙරේදා (01) රාත‍්‍රී මගෙ පුතාගේ යාළුවෝ කීප දෙනකුට 04 වසරේ සිසුන් පහරදෙන බවට මිතුරෙක් පුතාට පවසා තිබෙනවා. ඒ අනුව පුතා එම ස්ථානයට ගියාම 50 කටත් වැඩි සිසුන් පිරිසක් ‘උඹ ඇයි මෙතනට ආවේ’ කියා පුතාටත් පහර දී තිබෙනවා. ඒ අවස්ථාවේ පුතාගේ මිතුරන් තවත් මිතුරෙකුට කතා කර තිබෙනවා. ඔහු ඔහුගේ රියදුරා සමග එම ස්ථානයට පැමිණි විට 04 වසර සිසුන් එම මිතුරාට ද පහර දී තිබෙනවා.

ඔවුන්ට පහර දෙන අයුරු දැකපු මෝටර් රථයේ රියැදුරු දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේ එම රියැදුරාට ද පහර දී ඔහුගේ මුදල් පසුම්බිය පැහැර ගෙන තිබෙනවා. මම පසුව එම රියැදුරාගෙන් ඔයා එතනට ගියේ ඇයිද කියා ඇහුවම පුතාලට ගහන විදිය බලන් ඉන්න බැරුව ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වුණා කියලා කිව්වා.

අපේ ළමයි මැර ළමයින් නෙමේ. හතර පස් දෙනෙකුට පනහකට වැඩි පිරිසක් එකතුවී පහරදීම කොතරම් නුසුදුසුද? විශේෂයෙන් වෛද්‍ය සිසුන් මේ විදියට හැසිරීම කොහෙත්ම සිතා ගන්න අපහසුයි. දරුවා මිතුරන් කිහිපදෙනෙක් ඇසුරු කරන නිසා කොයි අය ආවද කියලා මම හරියට දන්නෙ නෑ.

මගේ ළමයට මේ දේ වුණේ නවක වධයට විරුද්ධ වීම නිසයි. පුතාට දැඩි ලෙස පහර දීලා තියෙනවා. ඔහුගේ ඔළුවේ ගෙඩියක් විදිහට ඉදිමිලා තිබෙනවා. ඇඟ පුරාම තැළුම් පහරවල් තිබෙනවා. මම කියන්නේ මේ වගේ දේවල් විශ්වවිද්‍යාල තුළ සිදු වීම මෙතනින් හෝ නැවැත්විය යුතුයි.

දරුවෝ විශ්වවිද්‍යාලයට එවන්නෙ කොතරම් අමාරුවෙන්ද? එහෙම එවලත් මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් දෙමව්පියන් වශයෙන් අපිට විශාල බයක් දැනෙනවා. එම නිසා නවක වධය විශ්වවිද්‍යාල තුළින් ඉවත් කිරීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස