පෙර පාසල් ගුරු දීමනාව දහ ගුණයකින් ඉහළට…! මාසිකව රු. 2500ක්…!

June 1, 2021 at 7:56 am | by emanisa.lk

සියලු පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රු. 2500ක දීමනාවක් ලබා දීමට ඊයේ (31) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙතෙක් මාසිකව රු. 250ක දීමනාවක් ලද පෙර පාසල් ගුරුවරුන්ට මෙතෙැන් සිට රු.2500ක දීමනාවක් හිමි වනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුවට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් විසිනි.

මෙය ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *