පෙරහැර අලි කුලප්පුව පිටුපස NGO කුමන්ත්‍රණයක්..!

August 23, 2023 at 2:29 pm | by emanisa.lk

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ඊයේ (22) සිදුවූ හදිසි අලි කලබලයට හේතුව කිසියම් පිරිසක් විසින් හස්තියෙකුගේ ඇසට ලේසර් කිරණක් එල්ල කිරීම බව ආරංචි මාර්ග පවසයි.

මෙවර පෙරහැර ආරම්භයට පෙර සිට ම බුද්ධි අංශ විසින් මෙවැනි සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන බවට අනතුරු අඟවා තිබිණි.

මේ කුමන්ත්‍රණය පිටුපස අලින් පෙරහැරෙන් ඉවත් කොට පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන සංවිධාන ඇති බවට සැක මතුව තිබේ.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇත්ගොව්වන් දැනුම්වත් කිරීම සඳහා අද උදෑසන (23) ශ්‍රී දළදා මාළිගාවේ ඇත්ගාල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමා විසින් විශේෂ රැස්වීමක් ද කැඳවා තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *