ජනාධිපතිවරණ අපේක්ෂක කතා ගැන ධම්මික පෙරේරා මුල්වරට කතා කරයි! රට හදන්න ඕන! දැන් ජනතාව එක්ක සෙල්ලම් බෑ! (video)

May 23, 2019 at 10:47 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයා ලෙස කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වන බවට මේ දිනවල මතුව ඇති කතාබහ පිළිබඳ ඔහු පසුගියදා මුල් වරට මාධ්‍ය වෙත අදහස් දැක්වූයේය.

තමාට රට ගොඩනැඟිමේ අවශ්‍යතාවක් ඇති බව පැවසූ ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අගමැති රනිල් සමග සාකච්ඡා කළේද යන්න පිළිබඳ හෙළි කිරීමට තව කල් ඇති බව කීවේය.

සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නිසා ජනතාව සියලු දෙනාට වඩා දැනුම්වත් බවත් රට ගොඩනඟන සැලසුම් නොමැතිව ඉදිරියේ දී කිසිවකුට ජනතාව වෙත පැමිණීමට නොහැකි වනු ඇතැයි ද අනාගතය යහපත් වනු ඇතැයි ද සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස